16 වන රණවිරු සැමරුමට සමගාමීව ආබාධිත රණවිරුවන් ඇගයීමේ උත්සවයක් අද (19) පස්වරුවේ මාතර රුහුණු පුරවර අභිමංසල ආබාධිත රණවිරුවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්යය එල්.එම් අබේවික්‍රම මහතා සහ අභිමංසල මධ්‍යස්ථානය නියෝජනය කරමින් මේජර් ජයන්ත දනේෂ්,ලුතිනල් නිලංගසිරි ඇතුලු නිළදාරීන් පිරිසක්ද සහබාගී වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්යය එල්.එම් අබේවික්‍රම මහතා මධ්‍යස්ථානයේ සිටි ආබාධිත රණවිරුවන් සමග සුහද පිලිසදරක නිරත වූ අතර ඔවුන් සදහා වටිනා සමරු තිලිණයක්ද පිරිනමනු ලැබීය.
මේ රණවිරුවන් තම ජීවීත පරිත්‍යාගයෙන් දිනා දුන් මේ ජයග්‍රහණය වචන වලින් විස්තර කිරීමට නොහැකි බවත් මේ රජය යටතේ ආබාධිත රණවිරුවන්ගේ අවශ්‍යයතා නිබදව සොයාබැලීමට කැපවෙන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එල්.එම් අබේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.



