157 views 0 secs 0 comments

සර්ව පාක්ෂික සාකච්ඡාවල යෝජනා 8 වනදා පක්ෂවලට දැනුම්දෙයි..

In Local News
August 07, 2022

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදුකළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබන සඳුදා (08) වනවිට ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11 නායකයින් සහ 43 වන සේනාංකය සමඟ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනබලවේග සහ තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ පමණක් ඉදිරියේදී සාකච්ඡා කිරීමට ඉතිරිව ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.