
අද (07) රාත්‍රියේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 11 වැනිදා පැවැත්වීමට නියමිත අතර අනතුරුව 12 වැනි දා දහවල් පෙරහරින් පසු මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය අවසන් වීමට නියමිතයි.