Connect with us

Local News

ගමන් මල්ලක තිබී හමු වූ කාන්තා මළ සිරුර..

Published

on

පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයෙන් ඊයේ (01) හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, වීදියේ වෙළෙඳසැලක් ඉදිරිපිට දමාගොස් තිබියදී ඒ පිළිබඳ වෙළෙඳසැල් හිමියකු වේල්ලවීදිය පොලීසියට දුන් තොරතුරක් මත පොලීසිය ඒ පිළිබඳ විමර්ශන ඇරඹීය.
එම සිරුර වයස අවුරුදු 20ක් පමණ වූ තරුණියකගේ බව පොලීසිය පෙවසුවේය.

අද (02) දින අණාවරණය කරගත් තොරතුරු අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අදාළ පුද්ගලයා විසින් 143 මාර්ග අංකය ඔස්සේ ධාවනය වන හංවැල්ල – පිටකොටුව බස් රථයක එම ගමන් මල්ල රැගෙන විත් ඇති බවය.

යම් පුද්ගලයෙකු විසින් වේල්ල වීදියේ මාර්ගයක ට්‍රැවලින් බෑගයක් තල්ලුකර ගෙන යන අයුරු එම ස්ථානයේ වු සී.සී.ටීවි දර්ශනවල සටහන්ව තිබු අතර, පොලීසිය ඒ පිළිබඳ විමර්ශන සිදුකිරීමේන් අනතුරුව ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව අදාළ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, බස් රථයේ රියදුරුගෙන් හා කොන්දොස්තරවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී යම් පුද්ගලයෙක් ට්‍රැවලින් බෑගයක් රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වු බව සනාථ කර ගෙන තිබේ.

මේ අතර කාන්තා මළ සිරුර මේ වන විට කොළඹ, පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර, අද දිනයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බෑගය රැගෙන යන පුද්ගලයා පිළිබඳ සී.සී.ටීවි දර්ශන ඊයේ දිනයේ දී නිකුත් කළ අතර, ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0718 591 557 හෝ හදිසි ඇමතුම් ඒකකය වන 0112 433 333 යන දුරකථන අංකයන්ට දැනුම්දෙන දෙස ද පොලීසිය ඉල්ලීමක් කරයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය සියළුම රෙදි චීනයෙන් පරිත්‍යාගයක් ලෙස – චීන තානාපතිවරයා සඳහන් කරයි

Published

on

By

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයකු හා සහයකයකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ, අද (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ උත්සවයක් අමතමිනි.

මෙම අවස්ථාවේදී 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සදහා අවශ්‍ය රුපියල් මිලියන 5,171ක වටිනාකමින් යුතු රෙදි මුළු ප්‍රමාණයම චීන රජය විසින් පරිත්‍යාග කළ බව නිල වශයෙන් දැනුම්දෙන ලදී.

මෙම උත්සවයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද සහභාගීව සිටියි.

Continue Reading

Local News

හිටපු යුද හමුදාධිපති හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා 91 වන වියේදී අභාවප්‍රාප්ත වී ඇත.

1954දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ලංකා හමුදාවට එක්වූ ඔහු, බ්‍රිතාන්‍යයේ Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයේදී පුහුණුව ලැබීය.

1988දී මෙරට 11 වන යුද හමුදාධිපතිවරයා ලෙස පත්වූ ඔහු, 1995දී විශ්‍රාම ගත් පසුව ආරක්ෂක ලේකම් වැනි තනතුරුද දැරීය.

ගම්පහ මල්වාන ප්‍රදේශයේ උපන් වනසිංහ මහතා, ආනන්ද විද්‍යාලයේදී අධ්‍යාපනය ලැබූ අතර, දක්‍ෂ ක්‍රීඩකයෙකු සහ හමුදා රයිෆල් තරගවල කුසලාන දිනාගත් පුද්ගලයෙකු ලෙසද ප්‍රකටය.

Continue Reading

Local News

අනතුරට ලක්වූ නෞකාවකින් ආන්තරායකර ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළට

Published

on

By

කේරළ මුහුදු තීරයේදී අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබූ බව පරිසර අමාත්‍යාංශය අනාවරණය කරයි.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්.එච්.එම්.බී. අබේකොන් මහත්මිය පැවසුවේ, එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තවත් ද්‍රව්‍යයන් මෙරට වෙරළට ගොඩගැසීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කළාය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ, වෙරළට ගොඩගසන ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බවයි.

Continue Reading

ප්‍රවණතාවන්