2 views 3 secs 0 comments

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ…

In Highlights, Local News
January 13, 2026

රට යළි ගොඩනැඟීමේ කටයුතු කාර්යක්ෂමව මෙහෙයවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ව්‍යසනයට පසු සිදු කෙරෙන පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතු සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයකින් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක් අවශ්‍ය වීම මත මෙම ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

දේශීය සහ විදේශීය මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, එයට අදාළව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක්ද පත් කර ඇත.

එමෙන්ම ප්‍රධාන කමිටුව විසින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා උප කමිටු පිහිටුවීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.