ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම දිවයිනට..

In Highlights, Local News
October 15, 2025

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක් ලෙස හඳුනාගත් ඉෂාරා සෙව්වන්දි සහ ඇය සමඟ සිටි කණ්ඩායම අද (15) කටුනායක ගුවන්තොටුපොළට රැගෙන ආ බව වාර්තා වේ.

ඇය ඇතුළු පුද්ගල 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 13 වැනිදාය.

එම කණ්ඩායම අද ප.ව. 6.52ට නේපාලයේ කත්මණ්ඩු නුවරින් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ Uළ් 182 යානය මගින් කටුනායක ගුවන්තොටුපොළට ළඟා වූ බව වාර්තා වේ.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත වන අතර, අනෙක් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු අදාළ ඒකක වෙත භාරදීමට නියමිතය.