1 views 0 secs 0 comments

විදුලි ගාස්තු සංශෝධනය නොකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණයකට…

In Highlights, Local News
October 14, 2025

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයකට පත්ව ඇත.

එම කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ ඉදිරි මාස තුන තුළ විදුලි බිලවල කිසිඳු වෙනසක් සිදු නොවනු ඇති බවය.

මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ තුන්වන සංශෝධනය සඳහා විදුලි ගාස්තු සියයට 6.8කින් ඉහළ දැමීමට යෝජනා කර තිබුණත්, මහජන අදහස් හා යෝජනා ලබාගෙන පසු එය ප්‍රතික්ෂේප කිරීමට කොමිසම තීරණය කළ බව ද වාර්තා වේ.