1 views 0 secs 0 comments

ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප….

In Local News
October 14, 2025

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

මෙහිදී, 2022 මැයි 9 වැනිදා අරගලය අතරතුර හානියට පත්වූ මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ ඉඩමකට අදාළව රුපියල් 8,850,000ක වන්දි ලබාගැනීමේදී දූෂණ කටයුත්තක් සිදුකළේ යැයි සැක පවතින බව අල්ලස් කොමිසම පවසයි.

එම පරිදි රාජපක්ෂ මහතා තම නිල බලය භාවිත කරමින් අදාළ රජයේ නිලධාරින්ට බලපෑම් කිරීමෙන් සහ මහවැලි අධිකාරිය සතු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් “පොදු දේපළ පනත” යටතේ වරදක් සිදුකළ බවට සැක පවතින පසුභූමියක මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.