2 views 0 secs 0 comments

කුවේට් ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් යළි ආරම්භ කරයි…

In Local News
October 27, 2025

වසර 04 කාලයක් අත්හිටුවා තිබූ කුවේට් ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කළේය.

මෙහි මංගල ගමන සඳහා කුවේට් ගුවන් සේවයට අයත් A-320 නියෝ වර්ගයේ ගුවන් යානය අද (27) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ, ජල ආචාර මධ්‍යයේ පිළිගැනීමක් සිදු විය.

මෙම ගමන සඳහා මගීන් 94 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 06 දෙනෙකු එක්ව පැමිණ ඇත.

ඒ අනුව, කුවේට් ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම සදුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා කුවේට් සිට කටුනායක අතර ගමන් කිරීමට නියමිතය.

කුවේට් ගුවන් සේවය 2021 දෙසැම්බර් 31 සිට මෙරට සමඟ ගුවන් ගමන් අත්හිටුවා තිබුණි.