332 views 0 secs 0 comments

අවසන් ගමන් ගිය නැදුන්ගමුවේ රාජා හස්තියා..

In Local News
March 07, 2022

වසර් ගණනාවක් මුළුල්ලේ දළදා මාළිගාවේ කරඬුව වැඩම කරවූ, ආසියාවේ විශාලතම හීලෑ හස්තියා වූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද (07) මියගොස් ඇත.මිය යන විට රාජා හස්තියාගේ වයස අවුරුදු 69කි

එමෙන්ම නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත.

අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරැර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් දැනුම් දී ඇති අතර ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්තිරාජයා සිටි ගම්පහ, වැලිවේරිය, නැදුන්ගමුව වෙත ගොස් සිටී.