193 views 0 secs 0 comments

ජනපති ප්‍රධානත්වයෙන් විවෘත වූ මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාව…

In Local News
March 07, 2022

මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාව අද (07) හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ජනාධිපති ප්‍රධානත්වයෙන් විවෘත කර ඇත.
අක්කර 63ක භූමි භාගයක අතිනවීන පහසුකම්වලින් සමන්විත මෙය දකුණු ආසියානු කලාපයේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතන කිහිපය අතරට එක්වීම විශේෂත්වයක්වන අතර මෙම කම්හලේ නිෂ්පාදන කටයුතු සඳහා ලොව දියුණුතම තාක්ෂණය භාවිත කෙරේ. එහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2කට අධික බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.