අද(19) සිට 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා තේරීපත්වූ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ ලර සිටියා.
ඒ වෙනුවෙන් සිසුන්ට එස්.එම්.එස් පණිවුඩයක් හා ඊමේල් පණිවුඩයක් යොමු කෙරෙනු ඇති බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කලා.
මෙම මස 26 වැනිදා දක්වා මෙම ලියාපදිංචී වීම් සඳහා අවසර හිමිවන බවත්
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස සිසුන්ට සිය විශ්ව විද්‍යාලයට හා පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැකි බවත් සම්පත් අමරතුංග මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
