191 views 0 secs 0 comments

නොමිලේ සත්ත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාවක්…

In Local News
December 19, 2022

ලබන 23, 24 හා 25 යන දිනවල පැවැත්වෙන සත්ත්වෝද්‍යානයේ පාරිසරික අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමාගාමීව එම දිනයන්හිදී දෙහිවල සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

23 වැනිදා ළමුන්ට ද, 24 වැනිදා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද සත්ත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදී ඇති බව එහි අධ්‍යක්ෂ,ජනරාල් ජගත් ප්‍රේමකාන්ත මහතා ප්‍රකාශ කර සිටියා.