666 views 0 secs 0 comments

දින 2කට පොළොන්නරුව,සීගිරිය විදේශීය සංචාරකයින්ට පමණයි..

In Local News
January 03, 2021

හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින් පිරිස එම ස්ථානවල සංචාරය කිරීමට නියමිත බැවින් එම කාලය තුළ දේශීය සංචාරකයින්ට අදාළ ස්ථානවලට පැමිණීමේ අවස්ථාව හිමි නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පෙන්වා දෙයි.
ඒ අනුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාල අංක 02 සහ ආලාභ පිරිවෙණ සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර මෙන්ම ගල් විහාරය, තිවංක පිළිමගෙය හා නෙළුම් පොකුණ යන සංචාරක ස්ථාන හෙට (4) පස්වරු 1.00න් පසු කාලයද, 5 වනදා දහවල් 12.00 දක්වා සීගිරිය සංචාරක කලාපයත් දේශීය සංචාරකයන්ට විවෘත නොවනු ඇත.