177 views 0 secs 0 comments

ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය….

In Local News
September 04, 2021

ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේ දී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකටයුතු ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මඟින් කොළඹ වරාය වෙත රැගෙන එන අතර ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත ඔවුන්ව භාරදීමට නියමිතව ඇත.