120 views 0 secs 0 comments

නෙදර්ලන්තයෙන් යළි මෙරටට ලබා දුන් කෞතුක භාණ්ඩ මහජ ප්‍රදර්ශනයට..

In Local News
December 06, 2023

ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට ලබාදුන් කෞතුක භාණ්ඩ ඊයේ (5) සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණ.

මෙම කටයුත්ත බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැලකෙන කාලතුවක්කු ආකෘතියක් යන කෞතුක භාණ්ඩ 06ක් මෙම කෞතුක භාණ්ඩ අතර වේ. මෙම කෞතුක භාණ්ඩ දෙසැම්බර් 5 වන දින සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිත බව වාර්තා වේ.

වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රජ මාලිගාව වටලන අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් මෙම කෞතුක භාන්ඩ රැගෙන ගොස් ඇති බව සඳහන් වේ.