157 views 0 secs 0 comments

අද දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව කැදවයි.

In Local News
August 08, 2022

අද (08) දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා සියලු පක්ෂවල ලේකම්වරුන්ට හා නියෝජිතයින්ට කැඳවීමක් සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි පුංචිහේවා ප්‍රකාශ කළේ මෙහිදි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මඟින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි