156 views 0 secs 0 comments

අද (8) පෞද්ගලික බස් රථ ධාවනය වැඩි කෙරේ

In Local News
August 08, 2022

අද (8) දිනයේදී සැලකිය යුතු බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ බස් රථ 6000ත් 7000ත් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි.

සංශෝධිත මිලට වඩා වැඩි මුදලක් මගීන්ගෙන් බස්රථ අය කරන්නේ දැයි සොයා බැලීම සඳහා ජංගම පරීක්ෂකවරුන් යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ‍ නිලාන් මිරැන්ඩා මහතා පැවසීය.