335 views 5 secs 0 comments

බර ඉසිලීමේ ඉසව්වෙන් ලංකාවට ලෝකඩ පදක්කමක්…

In Sports
December 05, 2023

කටාර්හි දෝහා හි පැවති ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයේ (IWF) Grand Prix 2023 ඉසව්වේ දී ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක දිලංක කුමාර අද (05) ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය.

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ ඉසව්වක් ලෙස IWF විසින් පවත්වනු ලබන මෙම තරඟාවලිය දෙසැම්බර් 14 දක්වා පැවැත්වේ.

කුමාර (කිලෝ ග‍්‍රෑම් 55), ඉන්දික දිසානායක (කිලෝ ග‍්‍රෑම් 73) සහ හංසනී ගෝමස් (කි‍ලෝ ග‍්‍රෑම් 49) යන ක්‍රීඩක ක්‍රීටිකාවන් SLWF ශ්‍රේණිගත කිරීම් අනුව මෙවර තරගාවලියට තේරී පත්ව ඇත.

මෙහෙදී කුමාර snatch ක්‍රමය යටතේ 112KG ක බරක් එසවීමට සමත් වූ අතර, clean & jerk ක්‍රමය යටතේ 133KG ක බරක් එසවීමට සමත් වුනා. ඒ් අනුව, කිලෝග්‍රෑම් 245 ක සමස්ත බරක් ඔසවමින් මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට කුමාර සමත් විය.

මේ අතර, ගෝමස් කිලෝග්‍රෑම් 49 ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට අපොහොසත් වූ නමුත් ස්නැච් (කිලෝග්‍රෑම් 75) සමස්ත කිලෝග්‍රෑම් 164 ක් සමඟින් ශ්‍රී ලංකා වාර්තා බිහි කිරීමට සමත් විය.