121 views 0 secs 0 comments

ගුවන් යානයේ තිබී සොයා ගත් සැක කටයුතු පාර්සලය…

In Local News
December 05, 2023

අද (05) කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට නියමිතව තිබූ, ඇඓ-272 ගුවන් යානයේ වැසිකිළියේ තිබී රත්‍රං කිලෝග්‍රෑම් දෙකක් සහිත පාර්සලයක් සොයා ගැනීම හේතුවෙන් අද පස්වරුවේ එය අත්හිටුවීමට පියවර ගත් බව ගුවන් තොටුපළ රේගුව පවසයි.

ගුවන් යානය පස්වරු 1.35 ට ගුවන්ගත කිරීම සඳහා ධාවන පථයේ තිබියදී කළු පැහැති පාර්සලය සොයාගත් බවත්, එම පාර්සලය බෝම්බයක් බවට උපකල්පනය කරමින් ගුවන් ගමන අවලංගු කළ බවත් රේගු නිලධාරීන් සඳහන් කළේය.

ගුවන් යානයේ අවසන් පරීක්‍ෂණයේදී එහි පසුපස වැසිකිළියේ තිබී හිමිකම් අයිතිකරුවෙකු නොමැති මෙම පාර්සලය ආරක්‍ෂක නිලධාරීන් විසින් සොයාගෙන තිබූ අතර යානය ගුවන් ගත නොවී නැවත ගුවන් තොටුපළට ගොස්, මගීන් ඉන් බැස ඇති අතර, බෝම්බ ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ගුවන් යානය හුදකලා ප්‍රදේශයකට ගෙන යාමට පියවර ගෙන තිබිණි.

එම පාර්සලය බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කිරීමේදී එය බෝම්බයක් නොව රත්‍රං අඩංගු පාර්සලයක් බව තහවුරු කරගැනීමෙන් අනතුරුවවැඩිදුර පරීක්ෂණ සඳහා මෙම පාර්සලය ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාරදී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පසුව ගුවන් යානය පස්වරු 4.43 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ චෙන්නායි පිටත් විය.