අද (29) පෙරවරුවේ, රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ, මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දි පැවැත්වුණු ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසිය ඇමතූ අතර එහිදී අදහස් දක්වමින් ජනපතිවරයා කියා සිටියේ කෝවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැගීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බවයි.
එමෙන්ම ගෝලීය දේශපාලන ප්‍රවණතා එම ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියා.
