
යුක්රේන ජාතිකයන් පිරිසක් යාල වනෝද්‍යානයේ සංචාරයට රැගෙන ගිය ජීප් රථ රියදුරන් 27 දෙනෙකු යුද හමුදාව විසින් අද (03) අලුයම පැමිණ නිරෝධායනය සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.
ඉතා අඩු මිලකට සංචාරකයින් රැගෙන ගිය තමන්ට දින 14ක කාලයක් නිරෝධායනය කිරීම නිසා බලවත් අසීරු තාවයකට ලක්ව ඇති බවත් එලෙස සංචාරකයින් රැගෙන යන්නේ නම් නිරෝධායනය විය යුතු බවට පෙර දැනුම් දීමක් සිදුකර තිබුණා නම් තමන් ඇතුළු පිරිස ඊට එකඟ නොවන බව මෙම රියදුරන් ප්‍රකාශ කර සිටියා.