159 views 0 secs 0 comments

හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට රටවල් රැසකින් අයදුම්පත්…

In Local News
March 28, 2023

හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා අභිලාෂය පළකිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය වූ ඊයේ (27) දිනය වන විට සමාගම් 07ක් ඒ සඳහා අයදුම්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා.

මෙලෙස යෝජනා ඉදිරිපත් කළ සමාගම් අතර චීනය, මැලේසියාව, සිංගප්පුරුව, ඉරානය යන රටවලටල් අයත් සමාගම් 05ක්ද, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ඒකාබද්ධ සමාගමක් සහ මෙරට සමාගමක් අයත් බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව තාක්ෂණික කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව එම යෝජනා ඇගයීමට ලක්කර සුදුසු අයදුම්කරුවන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.