153 views 0 secs 0 comments

ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක්…

In Local News
March 28, 2023

ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙසයි.

ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගීවීමට මෙරටට පැමිණි ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්, හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව බවයි.