අලිගැටපේර ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළට පෙරළී අනතුරකට ලක්ව තිබේ.
අද (16) අලුයම 4ට පමණ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් රියදුරා සහ කැබ් රථයේ ගමන්කළ පුද්ගලයෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි හැටන් පොලීසිය පවසයි.
මෙම කැබ් රථය, හැටන් ප්‍රදේශයේ ජනපද හා වතු ආශ්‍රිත ප්‍රදේශවලින් මිලදී ගත් අලිගැටපේර කොළඹට ප්‍රවාහනය කරමින් සිටියදී අනතුරට ලක්වී ඇත.
පොලීසිය පවසන්නේ අනතුරට ලක්වූ කැබ් රථයේ ගමන් කරමින් සිටි ඇතුළු පුද්ගලයින්ගේ සංඛ්‍යාව හතරක් වූ බවයි. අනතුර පිළිබඳව පරික්ෂණයක් සිදු කෙරෙමින් පවතී.
