2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම තහනමට අනුව, විභාග අපේක්ෂකයින්ට අදාළ පන්ති, විෂයානුබද්ධ දේශන, අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම සහ එවැනි පාඨමාලා ප්‍රචාරය කිරීම සියල්ල තහනම් වන අතර, එමගින් විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බව පවසන දැන්වීම්ද තහනම් කර ඇත.
විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, මෙසේ නියෝග නොසලකා කටයුතු කරන අය හෝ ආයතන විභාග පනත යටතේ වරදකරුවන් ලෙස සැලකෙන බවයි.
2025 උසස් පෙළ විභාගය නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක් තුළ පැවැත්වීමට නියමිතය.
