සෙලෝජන් ලංකා (පුද්) සමාගම මඟින් අපනයනය සඳහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය සංකේතාත්මකව හඳුන්වා දීම අද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණි.
මෙහිදී සමාගමේ සභාපති වී. නඩරාජා විසින් මෙම ඖෂධ තොගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට සංකේතාත්මකව භාර දුනි.
මෙම ඖෂධ, හෘද රෝගීන් සඳහා භාවිතා කරන අතර, පේරු රාජ්‍යයට අපනයනය කිරීම සඳහා සැලසුම් කර ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 45කි.
අමාත්‍යවරයා සඳහන් කළේ රජය ලෙස දේශීය ඖෂධ නිෂ්පාදකයින් දිරිගන්වමින්, ඖෂධ කර්මාන්තය සංවර්ධනය සඳහා අවශ්‍ය උපරිම සහය ලබාදෙන බවය.
මෙම අවස්ථාවට ඖෂධ සහ සෞඛ්‍ය සේවා (පුද්) සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නිරෝෂන් ප්‍රනාන්දු සහ සෙලෝජන් ලංකා (පුද්) සමාගමේ නියෝජිතයින් එක්ව සිටියහ.