68 views 0 secs 0 comments

ප්‍රංශ පාපන්දු ප්‍රේක්ෂකයන් පිරිසක් අතර ගැටුමක්…

In World News
June 01, 2025

ප්‍රංශයේ පැරිස් නගරයේදී පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ජර්මනියේ පැවැත්වූ යුරෝපා චැම්පියන්ස් ලීග් අවසන් මහ තරඟය නරඹමින් සිටි ප්‍රංශ ප්‍රේක්ෂකයන් අතර මෙම ගැටුම උත්සන්න වී ඇත.

මෙම තරඟයෙන් ප්‍රංශයේ පැරිස් සෙන් ජර්මෙයි (ඵ්Sඝ්) කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට යුරෝපා ශූරතාව දිනා ගත්තේ ය.

මෙය සැමරීමට පැරිස් නගරයට විශාල පිරිසක් එක්වී ඇති අතර, එහිදී ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.

තවද, 190කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් අතර පොලිස් නිලධාරීන් 9 දෙනකුද සිටිති.

කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් විසින් වෙළෙඳසැල් කිහිපයක්, බස් නැවතුම්පොළක් හා මෝටර් රථයක්ද විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.