90 views 0 secs 0 comments

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් තේරීපත් වූ පළමු කාන්තාව – සිතාරා මහත්මිය

In World News
January 25, 2025

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොෂාන් සිතාරා ඛාන් අසාද් මහත්මිය පසුගියදා දෝහාහිදී වැඩ භාරගත්තාය.

ඇය කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් තේරීපත් වූ පළමු කාන්තාව වන අතර ඇයට මෙරට විදේශ සේවා නිලධාරිනියක ලෙස වසර 27ක සේවා අත්දැකීමක්ද ඇත.

විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඇතුළු විවිධ අංශවල ඉහළ තනතුරු දරා ඇති ඇය, ලතින් ඇමරිකාව හා කැරිබියානු කලාපය සඳහා අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර තිබේ.

සිතාරා ඛාන් කොළඹ මෙතෝදිස්ත විදුහලේ ආදි ශිෂ්‍යාවක් ලෙසද වාර්තා වේ.