95 views 1 sec 0 comments

පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධූරයට..

In World News
January 25, 2025

පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත.

ඔහු හිටපු fox news නිවේදකයෙකු වන අතර ඔහු පත්කිරීම වෙනුවෙන් පැවැත් වූ සෙනට් සභා ඡන්ද විමසීමේදී හෙග්සේට පක්ෂව මෙන්ම විපක්ෂව ඡන්ද 50 බැගින් හිමිව තිබේ.

එම අවස්ථාවේ අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ග්ස් විසින් හෙග්සෙත්ට පක්ෂව ප්‍රකාශ කළ ඡන්දය හේතුවෙන් ඔහු එම ධුරයට පත් වූ බව විදෙස් වාර්තා සඳහන් කර සිටියා.

ජනාධිපති ට්‍රම්ප් විසින් අන්ත දක්ෂිණාන්තික කිතුණුවෙක් මෙන්ම ප්‍රකෝපකාරී පුද්ගලයෙකු ලෙස පැවසෙන පීටර් හෙග්සෙත් මෙම ධුරයට නිර්දේශ කිරීම පිළිබඳ ආරම්භයේ සිටම මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.

පීටර් හෙග්සේත් අමෙරිකාවේ හිටපු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු ද වේ.