223 views 0 secs 0 comments

විනාඩියක කාළයකින් කොවිඩ් ආසාදිතයන් හඳුනා ගත හැකි උපකරණයක්..

In World News
May 24, 2021

සිංගප්පුරු ජාතික විශ්වවිද්‍යාලයට අයත් වෛද්‍ය කණ්ඩායමක් විසින් විනාඩියක කාලයක් තුළ කොවිඩ් -19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සොයාගත් නව පරීක්ෂණ උපකරණයට එරට රජයේ අනුමැතිය හිමිව තිබේ.

එම උපකරණය මගින් විනාඩියක කාලයක් යම් පුද්ගලයෙකුගේ ආශ්වාස සහ ප්‍රශ්වාස නිරීක්ෂණය කරමින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු ද යන්න තහවුරු කරන බව වාර්තා වේ.

පර්යේෂණ කටයුතු අවසන්වීමෙන් පසු එම උපකරණය සිංගප්පුරු සෞඛ්‍ය බලධාරීන් වෙත ඉදිරිපත් කර තිබුණි.