Connect with us

Local News

සංචරණ සීමා දීර්ඝ කිරීමත් සමඟ ගෙන ඇති නව තීරණ..

Published

on

කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වී තිබේ.

එහිදී, රට තුළ මේ වනවිට පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරුණි.

ඒ අනුව පහත සඳහන් තීරණ ගෙන තිබේ,

මැයි 25, 31 සහ ජූනි 04 තෙදින සංචරණ සීමා තාවකාලිකව ලිහිල් කෙරේ
සීමා ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවසකින් එක් අයෙකුට ආසන්නම වෙළෙඳසැළට යෑමට අවසර
ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳ රථ
ජූනි 07 දක්වා සුරාසල් සම්පූර්ණයෙන් වසා තැබේ
සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳ තොරතුරු සෙවීමට යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ඩ්‍රෝනයානා මෙහෙයුම්

ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ට අලෙවි කරගත නොහැකි එළවළු අස්වනු රජය මගින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.

හෙට (25) අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරෙන අතර එම අවස්ථාවේදී විවෘතව තැබිය හැක්කේ තෝරාගත් සිල්ලර වෙළෙඳසැළ් (මාළු, මස්, එළවළු සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය), ඖෂධ සැල්, බේකරි නිෂ්පාදන වෙළෙඳසැල් හා ඉන්ධන පිරවුම්හල් පමණි.

හෙට (25) රාත්‍රී 11.00 සිට මැයි 31 අලුයම 4.00 දක්වා නැවතත් පෙර පරිදි සංචරණ සීමා පැනවේ.

මැයි 31 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.

මැයි 31 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 04 අලුයම 4.00 දක්වා බල පැවැත් වේ.

ජූනි 04 වන දින අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.

ජූනි 04 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 7 වන දින අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.

ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳ දැනුම්දීමට සහ සම්බන්ධීකරණ තොරතුරු සේවාවක් ලෙස 1965 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

මේ අතර හෙට (25) දිනයේදී නිවසින් බැහැර වීමේදී හැඳුනුම්පතේ අවසන් අංකය පිළිබඳ ක්‍රමය ක්‍රියාත්මක නොවේ.

කිසිදු හේතුවක් මත වාහනවලින් පාරිභෝගික භාණ්ඩ මිලදීගැනීමට වෙළෙඳසැළ් වෙත ගමන් කිරීමට ද අවස්ථාවක් ද හිමි නොවේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

වගා හානි පිළිබඳ දැනුම් දීමට ක්ෂණික දුරකථන අංකයක්…

Published

on

By

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ පවතින අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීමේ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ආරම්භ කර ඇත.

මෙම තත්ත්වය මත වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් වැනි වගාවන්ට සිදුවන හානිය සඳහා, ගොවීන්ට රක්‍ෂණ ආවරණයකින් තොරවම රක්ෂණ වන්දි ලබාදීමට කටයුතු කර තිබේ. එමගින් අක්කර 5ක් දක්වා වගා සඳහා නොමිලේ රක්ෂණ වන්දි ලබා දෙන අතර, එක් හෙක්ටයාරයකට උපරිම රු. 100,000ක් දක්වා වන්දි ගෙවීම සිදු කෙරේ.

දැනට මාතර දිස්ත්‍රික්කය තුළ ගොවීන් 100 කට අයත් අක්කර 130 ක වගා භූමි හානිවී තිබෙන බව වාර්තා වන අතර, ඉදිරි දිනවලදී තවත් වගා හානි පිළිබඳව නිරන්තර අධීක්ෂණයක් සිදු කිරීමට සැලසුම් කර ඇත.

මේ අතර ජලයෙන් බලපෑමට ලක්වූ වගාවන් පිළිබඳව ජලය ක්‍රමයෙන් බැස යන බව දිස්ත්‍රික් භාර අධ්‍යක්ෂවරුන් දැනුම් දී ඇත.

වගා හානි පිළිබඳව දැනුම්දීම සඳහා ගොවීන්ට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 1918 ක්ෂණික දුරකථන අංකය අමතා වාර්තා කිරීමේ හැකියාව ලබාදී තිබේ.

Continue Reading

Local News

ලංකා විදුලිබල මණ්ඩලයට නව සභාපතිවරයෙක්..

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා පත් කර ඇති බව එම මණ්ඩලය නිකුත් කළ නිල ලිපියකින් දැක්වෙයි.

ඔහු පසුගිය කාලයේදී බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධූරයද දැරූවෙකි.

අදාල ලිපියෙන් වැඩිදුරටත් සදහන් වන්නේ, මෙතෙක් සභාපති ධූරය භාරව සිටි ඉංජිනේරු ආචාර්ය ඩී.ජේ.ටී. සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අනුමත කර ඇති බවයි.

Continue Reading

Local News

කොටස් වෙළඳපොළේ මිල දර්ශකය එහි උච්චතම මට්ටමට ළඟා වෙයි…

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේදී ඉතිහාසයේ උච්චතම මට්ටමට ළඟා වීමට සමත්විය.

ගනුදෙනු අවසානයේදී එය ඒකක 17,214.39ක් ලෙස සටහන් වී ඇති අතර, මෙය 2025 පෙබරවාරි 18 වන දින වාර්තා වූ පෙර උච්චතම අගය වූ ඒකක 17,193.8 ක වාර්තාව පසුකරමින් සංකේතාත්මක වාර්තාවක් පිහිටුවීමක් ලෙස සැලකේ.

අද දිනයේදී ඒකක 234.50ක දැවැන්ත වර්ධනයක්ද සියලු කොටස් මිල දර්ශකය තුළ වාර්තා විය.

මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා තිබූයේ බැංකු සහ මූල්‍ය සමාගම්වල කොටස් මිල ඉහළ යාමයි. කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, DFCC බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස් සහ හැටන් නැෂනල් බැංකුව යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම මෙයට දැඩි ලෙස දායක විය.

මේ අතර අද දිනය තුළ රුපියල් බිලියන 7.37ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇති අතර, එය ද වෙළෙඳපොළේ සක්‍රීයතාවය පෙන්වන විශේෂිත සලකුණක් ලෙස සලකනු ලැබේ.

Continue Reading

ප්‍රවණතාවන්