අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇති අතර එහි නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පත් කර තිබේ.
නිශාන්ත සොයිසා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
සේවයේ අවශ්‍යතාව මත මහජන ආරක්ෂාව පිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවිම් සිදුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
