කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, මෙරටට පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී ඇති බවත් ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,
“කොළඹ නගරයේ සහ හැම නගරයකම දැන් විශේෂයෙන්ම බතික් ඒ වගේම පේෂකර්ම විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනාගාර ඇති වෙමින් තියෙනවා. ඒක ලොකු ශක්තියක්. අපි පාර්ලිමේන්තුවේ සම්මත කරා ලංකාවට බතික් පින්ට් කරපු ඒවා ගෙන්වන එක නතර කරා. ඒ වගේම ඒ වගේම පිටරට ඉදලා ගෙනාව සියලුම පේෂකර්ම රෙදි ගෙන්වන එක තහනම් කරා. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අපේ ඉල්ලීම අනුව ඒක අනුමත කරා. ඒ අනුව දැන් ලංකාවට බතික් රෝල් පිටින් ගේන එක සම්පූර්ණයෙන් නතර වෙනවා. ඒ අනුව ඇත්ත වශයෙන් දැන් අපිට ලොකු අවස්ථාවක් උදාවෙලා තියෙනවා නැවතත් ලංකාව තුළ නිෂ්පාදනය කරන අත්‍යන්ත පේෂකර්ම හා බතික් නිෂ්පාදන විශාල තැනකට ගේන්න.“
