
සංචාරක ඉන්ධන අවසරපත්‍ර, පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ඊයේ (5) එළිදැක්විණි.රට පුරා ඉන්ධන පිරවුම්හල් 300+ කදී ඉන්ධන මිලදී ගැනීමට සංචාරකයාට USD පෙරගෙවුම් කාඩ්පතක් භාවිතා කිරීමට මෙමගින් හැකියාව ලැබේ. කාඩ්පත ගුවන්තොටුපළ ඩයලොග් සහ සම්පත් බැංකු කවුන්ටරවලින් ලබාගත හැකි අතර සම්පත් බැංකු ශාඛාවලින් ටොප්අප් කළ හැක. තවද, සංචාරක ඉන්ධන අවසරපත්‍ර පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සහාය වීම සම්බන්ධයෙන් සංවර්ධන හවුල්කරුවන් වන CPC, LIOC සහ සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය සහ තවත් තොරතුරු තාක්ෂණ ආයතන කිහිපයකට විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා ස්තුතිය පුද කළේය.