280 views 0 secs 0 comments

පළමු විදුලි වාහන ආනයන බලපත්‍රය නිකුත් කරන ලදී

In Local News
September 20, 2022

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට විධිමත් බැංකු මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් පළමු බලපත්‍රය අද ලබාදී තිබෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් එම බලාපත්‍රය විදේශගත ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයා වෙත නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ මේ වන විට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර සදහා විශේෂ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවත්, විදෙස්ගත ශ්‍රමිකයන් බොහෝ දෙනකු අඛණ්ඩ ව විමසීම් කරන බවයත් ය.