
නීතිපති සංජය රාජරත්නම් විසින් ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
මෙසේ ලිඛිතව දැනුම් දී ඇත්තේ පහරදීමට සම්බන්ධ පිරිස සහ හේතු සොයා බැලීමට කඩිනමින් විමර්ශන සිදු කරන ලෙසයි.
සාමකාමීව විරෝධතාවල නිරත වන පිරිස් වෙත එල්ල වන ප්‍රහාර වැළැක්වීමට වගකිව යුතු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බවත් එම වගකීම් පැහැර නොහැරිය යුතු බවත් නීතිපතිවරයා එමගින් දැනුම් දී තිබෙනවා.