හෙට(03) සහ අනිද්දා(04) යන දෙදින තුළ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවේදී මෙය තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කර සිටි අතර හෙට දින උදෑසන කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බව වාර්තා වේ.
