106 views 0 secs 0 comments

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු වල වෙනසක් නැහැ…

In Local News
September 02, 2024

ඉන්ධන මිල අඩු වුව ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා.

ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට ප්‍රමාණවත් ඉන්ධන මිල අඩුවීමක් සිදුව නොමැති බවයි එහි සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කර සිටියේ.

පසුගිය 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින්ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ද අඩු කිරීමට පියවර ගෙන තිබුණු අතර ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 12 කින් සහ ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් පහත දැමීමට කටයුතු කළේය.