254 views 0 secs 0 comments

වයඹ පළාත් අණ්ඩුකාරවරයා අභාවප්‍රාප්ත වෙයි..

In Local News
December 07, 2021

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති, වයඹ පළාත් අණ්ඩුකාර අධි නීතීඥ රාජා කොල්ලුරේ මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ඥාතීන් සඳහන් කළේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06) රාත්‍රි ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි

ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා 2000 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළ අතර 2019 වර්ෂයේ සිට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළා. ඒ මහතා මියයන විට 83 වන වියෙහි පසුවිය.