ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම ගැසට් පත්‍රයට අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර ඇත.
