180 views 0 secs 0 comments

බේකරි නිෂ්පාදන මිල ඉහලට….

In Local News
November 28, 2021

තිරිඟු පිටි මිල ඊයේ (27) දිනයේ සිට ඉහළ දැමීමට සමාගම් තීරණ ගැනීම නිසා බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය පිරිවැයද ඉහල යාම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර තිබේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රැස්වී තීරණයක් ගෙන ඇති අතර ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල හෙට (29) දිනයේ සිට ඉහළ දැමීමට තීරණය කර. ඒ සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රකාශයක් සිදුකරන බව එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේය.

මේ අතර තිරිඟු පිටි ඉහළ යාමට අමතරව තිරිඟු පිටි හිඟයක්ද මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.