
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වු වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වි තිබේ. එම ප්‍රිය සම්භාෂණයට 20 දෙනෙකුගෙන් පමණ සමන්විත පවුල් 03කට අයත් කණ්ඩායමක් සහභාගී වී ඇති අතර වෛරසය ආසාදනය වූ වෛද්‍යරවරයා ද ඒ අතරට අයත් ය. එම වෛද්‍යවරයා මේ වනවිට ඓඪ්H රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
ඒ අනුව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ද පළමුපෙළ ආශ්‍රිතයෙකු ලෙස නිරෝධායනයට යොමුකිරීම සඳහා ඊයේ (13) රාත්‍රීයේ ඔහුගේ නිවසට ගොස් තිබුණ නමුත් එතුමා දැරණියගල ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දිමා වික්‍රමගේ මහත්මිය සඳහන් කළාය.