676 views 0 secs 0 comments

දෝෂාභියෝගයෙන් පැරදුනු ට්‍රම්ප්…

In Politics, World News
January 14, 2021

කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන්ට අනුබල දීමේ චෝදනා මත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව පැවැත් වූ දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් ජනපතිවරයා ඡන්ද 232 ට 197 ක් ලෙසින් පරාජය වී තබේ. අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයකුට එරෙහිව දෙවරක්ම දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
දෝෂාභියෝග ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක් වන අතර
මන්ත්‍රීවරුන් 4 දෙනෙකු ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට ඇත ඒ අනුව එම දෝෂාභියෝගය සෙනෙට් සභාව වෙත යොමු කෙරෙනු ඇත. එම කටයුතු ලබන 20 වැනි දා ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වූ පසු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් සුළු වේලාවකට පසු ධවල මන්දිර ට්විටර් ගිණුමට වීඩියෝපටයක් නිකුත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ආධාරකරුවන් ක්‍රියාත්මක කළ කැපිටල් හිල් ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දැක තිබුණ්ද දෝෂාභියෝගය පිළිබඳව ඔහු එහි කිසිදු සඳහනක් කර නොමැත.