Connect with us

Politics

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වූ ලාංකීය කත..

Published

on

කම්කරු පක්ෂයෙන් ඕස්ට්‍රේලියාවේ හෝල්ට් මැතිවරණ ආසනය නියෝජනය කල ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් ලබා තිබේ.

සිය 11 වැනි වියේදී එනම් 1999 වසරේදී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු සිය දෙමව්පියන් සමග ඕස්ට්‍රේලියාවට පැමිණ තිබෙන අතර ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු කාන්තාව වේ.

හෝල්ට් මැතිවරණ ආසනයෙන් ලිබරල් පක්ෂයෙන් ඇයට එරෙහිව තවත් ලාංකිකයෙකු වන රංජ් පෙරේරා තරග කර තිබූ අතර කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු 57.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිද්දී, රංජ් පෙරේරා ලබාගෙන ඇත්තේ 42.5% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

ජනපති හා ඊලොන් මස්ක් අතර හමුවක්…

Published

on

By

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර අද (19) හමුවක් සිදු වූ අතර එහිදී ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව අවධාරණය කෙරිණ.

Continue Reading

Local News

පුරප්පාඩු වූ අමාත්‍ය ධුර සදහා අමාත්‍යවරු පත් කෙරේ…

Published

on

By

රොෂාන් රණසිංහ මහතාව ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍යධුරය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව පත්කර තිබෙන අතර පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර ඇති බව වාර්තා වේ.

ඔවුන් මේ වනවිටත් දරණ අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව මීට සුළු වේලාවකට පෙර ජනපති ඉදිරියේ මෙම අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.

Continue Reading

Local News

පළාත් පාලන මැතිවරණය ගැන යෝජනාවක්..

Published

on

By

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින්,
පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳ සුදුසු ක්‍රමවේදයක් ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා සති 02ක් තුළ ඉදිරිපත් කරන ලෙසද එහි සඳහන් වන බව වාර්තා වේ.

Continue Reading

ප්‍රවණතාවන්