209 views 0 secs 0 comments

විස පොහොර ආනයනය සම්බන්ධ බොහෝ අයගේ මල්ල තර වෙලා – අනුර කුමාර දිසානායක

In Local News, Politics
November 26, 2021

අද (26) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවැසුවේ ආණ්ඩුව විස පොහොර ආනයනය කිරීම මගින් ආනයනයට සම්බන්ධ ඇමතිවරුන්, නිලධාරීන් ගණනාවකගේ මල්ල තර වී ඇති බවයි.
ඔහු මෙසේ පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
මෙම පොහොර විෂ සහිත බවත් එවා නිදහස් කිරීමට ජනධිපතිවරයා සිටි සාකච්ඡාවකදී අවසර දී ඇති බවත් ඔහු ප්‍රකාශ කලේය. මේ විස පොහොර තොගයේ ආසනික් කිලෝග්‍රෑම් එකකට මිලි ග්‍රාම් 38 තිබෙන බවත් ලෙඩ් කිලෝවකට මිලි ග්‍රාම් 49ක් තිබී සොයාගත් බවද පැවසුවේය.කාබනික පොහොර ගැන තිබූ ඉතාමත් පැහැදිලි නිරවුල් විශ්වාසය මේ වැඩපිළිවෙළ නිසා විනාශ වු බවද දිසානායක මහතා පැවසුවේය.