49 views 0 secs 0 comments

මුහුදු රළ සහ තද සුළං පිළිබඳ අවවාදයක් නිකුත් කරයි

In Local News
July 15, 2025

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) නිකුත් කර ඇත.

මෙම අවවාදය පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විහිදී යන වෙරළබඩ මුහුදු ප්‍රදේශවලට අදාල වේ.

මෙම ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 50–60 දක්වා වැඩිවිය හැකි අතර, මුහුද රළු හෝ ඉතා රළු වන බවද දැක්වෙයි. මුහුදු රළ උස මීටර් 2.5–3 දක්වා ඉහළ යා හැකි බැවින් රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්ද පවතින බව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව නාවිකයින් සහ ධීවරයින්ට විශේෂ අවධානයෙන් මෙවැනි වාතාවරණ තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වන්නැයිද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.