
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ස්ථාපිත අයිතිවාසිකම් කොමිසම් සභාව දැනට මාස 2ක කාලයක් අක්‍රීය තත්ත්වයේ පසු වේ. එයට හේතුව වන්නේ පනතේ සදහන් ලෙස නව සමාජිකයින් පත් නොකර ගැනීම නිසයි.
මෙම කොමිසමේ ආරම්භක සමාජිකයින්ගේ පස් අවුරුදු ධූර කාලය පසුගිය සැප්තැම්බර් 30 අවසන් වුව ද එම ධූර සදහා නාම යෝජනා ඉදිරිපත් කල ද තොරතුරු අයිතිවාසිකම් කොමිසම් සභාවේ සමාජිකයින් පත් කර නැත. එම නිසා කඩිනමින් මෙම කොමිසම් සභාවේ සමාජිකයින් පත් කරන ලෙස ජාතික මාධ්‍ය සංසදයේ මෙහෙයුම් කමිටුව ඉල්ලා සිටියි.