
කෑගල්ල මූලස්ථාන පොලීසියේ දෙදෙනෙකුටත්, කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකුට හා කෑගල්ල ශික්ෂණ රෝහලේ රසායනාගාර ශිල්පියෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
පොළොන්නරුව, කඳුරුවෙල නගරය ආශ්‍රිතව මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ නගරයේ තවත් වෙළෙඳැසැල් සේවකයින් 14 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට අද (08) දිනයේ තහවුරුවීමත් සමඟයි.
පොළොන්නරුව නව නගරය හා සේවාගම යන ප්‍රදේශවල පවුල් 40ක් ස්වයං-නිරෝධායනයට යොමුකර ඇති අතර කදුරුවෙල නගරයේ කොටසක් මේ වන විටත් වසා දමා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.