176 views 0 secs 0 comments

රෝග ලක්ෂණ නොමැතිකොවිඩ් රෝග වාහකයන් සමාජය පුරා සිටිය හැකියි – වෛද්‍ය හේමන්ත හේරත්

In Local News
November 26, 2021

උත්සව සමය ආරම්භවීමත් සමඟ ජනතාව සාප්පු සවාරී යාම සිදුකරන නිසා එහිදී නිරන්තරයෙන් සෞඛ්‍යාරක්ෂිත ලෙස ක්‍රියාකළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.
රෝගය බෝ කරන කොවිඩ් රෝග ලක්ෂණ නොමැතිව පුද්ගලයන් සමාජය පුරා සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. ඒ අනුව මෙයින් ආරක්ෂාවීම නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.